
පහන් එළිය
ආලෝකයෙන් අඳුරට
මාව තල්ලුකළේ කවුරුන් ද
මෝඩකම්වලින් පලා යමි
එය සිරකුටියක් විය
රහස් ද
දිගු කලක් වාසය කළ
විශ්වය සඟවා ගෙන ඇති
කළුවර තුළ
පෙරළෙන බවක් නොමැත
මාගේ පහන්
මම ම දල්වමි
භේදය නොදන්නා
මල් වටේ
තවමත් වටකුරු වන බවක් නොමැත
බිදුණු ගස් අත්තේ
හිමහි ශෝක ඝන මෙන්
සොහොන් තාප්පවල අඳුරෙහි
ද්වේෂ පැළඳ ගත් උකුස්සන්හට
මාව වට කරන්නට නොහැකිය
ඈත
තිතක් සේ
පහන් එළියක්
මාව වැළඳගනී
– මිශ්රා ජබ්බාර්
පරිවර්තනය – ඉබ්නු අසූමත්
මිශ්රා ජබ්බාර් – මෙරට නව පරපුර නියෝජනය කරන ප්‍රකට මුස්ලිම් කිවිඳියකි. 1990 වසරේ මාවනැල්ලේදී උපන් ඇය මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. දැනට හැටන් දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය. පසුගියදා ඇගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “ඔරු මිඩරු අඩර් වෙණ්මෛ” නමින් ප්‍රකාශයට පත් විය.
image courtesy- AshrafulArefin via boredpanda.com